සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණෙන් මෙම හමුව පවත්වන ලදී.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (China International Communications Group – CICG) සභාපති ඩූ ෂැන්යුවාන් මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සකච්චාවට එක්විය.
මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මුල්‍ය ආධාර ලබාගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සහ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය මෙන් ම සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය උදෙසා සන්නිවේදන ක්ෂේත්‍රයේ භාවිතාවන් වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝ ව සාකච්ඡා සිදු කෙරිණි.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායම අතර හමුවක්.
