ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ විරෝධී ජාතික දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත්කෙරේ .එය හෙට සිට 18 දක්වා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
එහි තේමාව වන්නේ: “පිරමීඩය උගුලකි – වැරදි මාර්ගයට නොයන්න.” යන්නයි . ජාතික මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙමගින් බලාපොරොත්තුවේ. තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සහ ඒවා පුද්ගලයන්ට සහ ආර්ථිකයට ඇති කරන ප්‍රබල අවදානම් පිළිබඳව පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රජයේ අංශයේ සේවකයින් ඇතුළු පොදු ජනතාව මෙම ජාතික දැනුවත්භාවයක් ඇති කිරීමේ ව්‍යාපාරයට සම්බන්ද කරගනු ඇත. දිවයින පුරා පාසල් 6,172 ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 ක් හරහා ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අතර, එමඟින් ප්‍රාදේශීය මට්ටමේ පුළුල් ප්‍රජා සහභාගීත්වයක් සහතික කෙරේ. දැනුවත් කිරීමේ සතිය පුරාවට, තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය විධිවිධාන, එවැනි ව්‍යාපාර ආකෘතිවල රැවටිලිකාර ස්වභාවය සහ ව්‍යුහය, පිරමිඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් සහ මූල්‍ය ප්‍රතිවිපාක, සැබෑ ජීවිත ගිණුම් සහ වින්දිතයින්ගේ වේදනාකාරී අත්දැකීම් පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරනු ලැබේ. පුළුල් හා ඵලදායී ප්‍රවේශයක් සහතික කිරීම සඳහා බහු-වේදිකා මාධ්‍ය උපාය මාර්ගයක් භාවිතා කරනු ඇත.