79 වන බ්‍රැඩ්බි පළිහ රාජකීය විද්‍යාලයට

79 වන බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

මෙම වාර්ෂික රග්බි තරගාවලියේ දෙවන අදියර ඊයේ (06) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුණු අතර එහිදී රාජකීයන් ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ලකුණු 8-3ක් ලෙස පරාජයට පත්වුණා.

ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවති පළමු අදියරේ දී ලකුණු 15-5ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත් කිරීමට රාජකීයන් සමත් වූ අතර .ඒ අනුව අදියර දෙකෙහිම ලකුණු සංඛ්‍යාව අනුව කොළඹ රාජකීය විද්‍යාල ලකුණු 18ට 13ක් ලෙස ජය වාර්තා කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *