මහියංගනයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට එක්වූ ජනපති

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඊයේ (06) පස්වරුවේ මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *