දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතියෙන්


දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතිය මත තොරා ගැනීම සිදුකළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.ඇය මේ බව සදහන් කළේ නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් සියලු දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම හා රැකියාවන්හී නිරත වන ගමන් උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය වරිය පැවසුවේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල නව විෂය නිර්දේශයට පණක් සීමා නොකට , පාසල් යටිතල පහසුකම් සංවර්ධනය , ගුරුවරුන් පුහුණු කිරීම , ආදී විශේෂ කරුනු රැසක් පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදුකරනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *