චීන හා යුරෝපා සංගම් ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදයක

චීනය හා යුරෝපා සංගමය ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදය පවත්වයි. චීන උප අග්‍රාමාත්‍ය ඩින්ග් ෂුවේෂ්‍යන්ග් මහතා සහ යුරෝපා කොමිසමේ විධායක උප සභාපතිනී තෙරේසා රිබේරා මහත්මිය විසින් ඒකාබද්ධව හයවන චීන ‍යුරෝපා ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදය බෙයිජිංහිදී ඊයේ (15) පවත්වනු ලැබිණ.

එහිදී අදහස් දැක්වූ චීන උප අගමැතිවරයා පැවසුවේ චීනය සිය ආර්ථික හා සමාජ සංවර්ධනයේ පරිපූර්ණ හරිත පරිවර්තනයක් වෙනුවෙන් ගෙන ඇති ප්‍රායෝගික ක්‍රියා මාර්ග කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවයි. චීනය ගෝලීය පරිසර හා දේශගුණ පාලනයන්ට සහභාගීවීමට කාර්යක්ෂම පියවර ගෙන ඇති අතර හරිත හා අව කාබන් සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරන බවද හෙතෙම සඳහන් කළේය. ගැඹුරු හරිත හවුල්කාරීත්වයක් ගොඩනැංවීම වෙනුවෙන් යුරෝපා සංගමය සමග ඉහළ පෙළේ සංවාද හා හුවමාරු පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන උප අගමැතිවරයා පැවසීය.

චීනය සමග සහයෝගතා වර්ධනය කරමින් නව අවස්ථා සොයා ගැනීමට ක්‍රියා කරන බව යුරෝපා කොමිසමේ විධායක උප සභාපතිනී තෙරේසා රිබේරා මහත්මිය එහිදී පැවසුවාය. බහුපාර්ශ්වවාදයේ එල්බ සිටිමින් පැරිස් ගිවිසුම කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *