ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ තීරු බදු යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා 30% ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරු බදු ප්‍රතිපත්තිය යටතේ යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා 30% ක තීරු බද්දක් පනවා තිබෙනවා.ප්‍රධාන පෙලේ හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම තීරණය ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශකොට තිබුනා..ඒ අනුව අගෝස්තු 1 වනදා සිට මෙම රටවල් සඳහා තීරුබදු ක්‍රියාත්මකවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කලේ.
මෙම බදු පැනවීම පිලිබද දැඩි ලෙස අප්‍රසාදය පලකරන මෙක්සිකෝව සඳහන් කලේ මෙය අසාධාරණ තීරණයක් බවත් අවශ්‍ය උවහොත් මෙයට ප්‍රතිචාර දැක්වීමට උවද සූදානම් බවයි.

මෙම බදු පැනවීම පොලිබඳ ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට හා මැක්සිකෝවට යැවූ ඔහුගේ ලිපිවලින් අනතුරු අගවා ඇත්තේ තම බදුවලට එරෙහිවන ඕනෑම පාර්ශවයකට පැනවූ බදු දෙගුණකින් වැඩි කිරීමට උවද සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *