
ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 11 සිට 13 දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග සාකච්ඡා කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළඳ සබඳතා ගොඩනඟා ගැනීමේ අවස්ථා ඉස්මතු කිරීම සඳහා ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DIHK) විසින් ජර්මනියේ ප්‍රධාන කර්මාන්ත සමඟ සංවිධානය කරන ව්‍යාපාරික සංසදයක සභාපතිත්වය දරනු ඇත.තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක සහ සංචාරක කර්මාන්ත සංගම් හමුවනු ඇත.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.