ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති අව්ශ්‍යාතාව සොයා බැලේ

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. මෙම වැඩසටහන බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ.
පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින් පිරිසක් මීට එක්ව සිටියා. මෙම වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත. නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු නොනවත්වා ක්‍රියාත්මක කරමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *