US Aid ලෙස ප්‍රකට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය ට්‍රම්ප් පරිපාලනයවිසින් විසුරුවා හැරීමෙන් පසු විදේශ ආධාර සඳහා වෙන්කර තිබු ආහාර මෙට්‍රික් ටොන් 60 000 ක් පමන කල් ඉකුත් වීම නිසා විනාශකිරිමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ආදාර අවශ්‍ය රටවල දරුවන්ගෙ කුසගින්න මැඩපැවැත්වීම සඳහා භාවිතා කරන අධි ශක්ති බිස්කට් මෙ අතර වන බවයි ඔවුන් පෙන්න දෙන්නෙ. එවැනි විනාශ විමට ලක්ව ඇති මෙට්‍රික් ටොන් 500 ක බිස්කට තොගයක් ඩුබායි හි ගබඩාවල තිබෙන බව ද විදෙස් මාධ්‍ය වෑර්තා කලා .මෙම ආහාර තොගය සිරියාව, බංග්ලාදේශය සහ මියන්මාරයට යැවීමට මෑතකදී අනුමත කරන ලදී ඒවා බයි වාර්තාවෙන්නෙ .අමරිකානු රාජ්‍යා අන්ශයෙ ශ්‍රම බලකාය අඩු කිරීම දී එලොන් මස්ක්ගේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ගත් එක් තීන්දුවක් වන්නෙ මෙම ආයතනය විසුරුවා හැරිමයි. US Aid ලොව විශාලතම විදේශ ආධාර ඒජන්සිය වන අතර මෙවනි ආදාර වඩසටහන් ක්‍රියාත්මක කරන ලද්දෙ මෙම සන්විදානය මගිනි. මෙම ආධාර ක්‍රමය නතර කිරිම ආහාර කල් ඉකුත් වීමට හේතු නොවන බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසුවත් කල් ඉකුත් වූ එම ආහාර පුළුස්සා දමනු ඇතැයි රොයිටර් පුවත්සේවය වාර්තා කලා . ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය වන USAID, ස්වාධීන ආයතනයක් වූ අතර ලොව විශාලතම විදේශ ආධාර ආයතනය ද වෙනවා .ට්‍රම්ප් ගෙ මෙම කප්පාදුව නිසා මාස කිහිපයකට පෙර සේවයෙන් පහ කරන ලද සේවකයින් තවමත් රැකියා ආපෙසිටින බවයි වාර්තා වන්නෙ
ට්‍රම්ප් ගෙ US Aid තහනම නිසා දරුවන්ට දෙන්න තිබු ආහාර මෙට්‍රික් ටොන් 60 000 නරක් වෙලා
