ජනපති මාලදිවයිනේ නිල සන්චාරයක.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙ.

මෙම සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති මුයිසු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගීතාව වඩිදියුනු කරගැනිම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම වසරේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සමරන බැවින් මෙම රාජ්‍ය සංචාරය ද වැදගත් වේ.

ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් හමුවීමට ද නියමිත බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති දිසානායක මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වීතිබෙ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *