මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහර අද (30) රාත්‍රී වීදී සංචාරය කෙරෙනවා.

කුඹල් පෙරහැර අද (30) සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීම ඉකුත් 25දා පෙරවරු 6.05 ට යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව 29 දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත් වූ අතර, අවසන් දේවාල පෙරහර ඊයේ පැවැත්වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *