චීනයේ බීජිං නගරයට ආසන්නයේ පිහිටි වැඩිහිටි රැකවරණ නිවාසයක ගංවතුරෙන් පදිංචිකරුවන් 31 දෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
චීනය පුරා පැවති දැඩි කාලගුණය හේතුවෙන් ඇති වූ බීජිං ගංවතුරෙන් මේ වන විට පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ගිම්හානයේදී චීනයේ විවිධ ප්‍රදේශවලට ගංවතුර විශාල හානියක් සිදු කර ඇත.
චීනයට බලපෑ ඇති මෙම අහිතකර කාලගුණය, චීනයේ පදිංචිකරුවන්ට සහ ආර්ථිකයට විශේෂයෙන් එහි ඩොලර් ට්‍රිලියන ගණනක කෘෂිකර්මාන්තයට වැඩි වැඩියෙන් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ.
මේ මස මුලදී චීනයට යුවාන් බිලියන 54.11 ක (ඩොලර් බිලියන 7.5) පාඩුවක් සිදුවී ඇති බව එහි හදිසි කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. පාඩු වලින් 90% කට වඩා ගංවතුරෙන් සිදුවී ඇති බවයි සදහන් වන්නේ.