හවායි ප්‍රාන්තය, ඇලස්කාවේ ඇලූටියන් දූපත් වලට සහ උතුරු කැලිෆෝනියාවේ එක් කොටසකට මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ අවදානම් අඩු සුනාමි උපදේශනය යටතේ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පළමු සුනාමි රළ දැනටමත් ඇලස්කාවට පැමිණ ඇති අතර මුහුදු රළ හවායි වෙත පැමිණීමට පටන් ගෙන තිබේනවා.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ඇස්තමේන්තුගත කර ඇති පැමිණීමේ වේලාවන් ලෙස, ඔරිගන් සහ වොෂින්ටන් පැමිණීම් වේලාව ලෙස රාත්‍රී 11:35 ට පමණ ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කැලිෆෝනියාවට පැමිණීම් වේලාව රාත්‍රී 11:50 ට පමණ ආරම්භ වන අතර, අලුයම 12:40 ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක වෙත සහ අලුයම 1:00 ට පමණ ලොස් ඇන්ජලීස් වරායට සුනාමි රළ ළඟා වනු ඇතැයි අපේක්ෂා වෙනවා.