2025 දෙවන කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 5.31ක් ලෙස වාර්තා වී ඇත.
මෙය, 2024 දෙවන කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 34.53ක ශුද්ධ ලාභයට සාපේක්ෂව සියයට 85ක පහත වැටීමකි.
මෙම ලාභ පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආදායම පහත වැටීමයි.
2024 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 146.60ක්ව පැවති ආදායම, 2025 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 98.62ක් දක්වා සියයට 33කින් පමණ පහත වැටී ඇත. විකුණුම් පිරිවැය ද රුපියල් බිලියන 109.63 සිට රුපියල් බිලියන 91.6 දක්වා සියයට 16ක අඩුවක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, 2024 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 36.96ක් වූ දළ ලාභය, 2025 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 7.02ක් දක්වා සියයට 81කින් පහත වැටී ඇත.
2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුවේදී මූල්‍ය කාර්යසාධනය යම් දියුණුවක් පෙන්නුම් කර ඇත.
පළමු කාර්තුවේදී රුපියල් බිලියන 93ක් වූ ආදායම, දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 98ක් දක්වා ඉහළ ගොස් ඇත.
පළමු කාර්තුවේදී රුපියල් බිලියන 112ක්ව පැවති විකුණුම් පිරිවැය, දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 92ක් දක්වා සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කර තිබේ.
මෙම වෙනස්කම් හේතුවෙන්, පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 18ක පාඩුව වෙනුවට, දෙවන කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 11ක දළ ලාභයක් උපයා ඇත.