රෝහිත් ශර්මාගෙන් පුරප්පාඩු වූ ඉන්දීය නායකත්වය ට පත් වූ ශුබ්මන් ගිල් ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන පලමු ටෙස්ට් තරගාවලිය හෙට එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
හෙට තරගයෙ ක්‍රීඩා කරනු ලබන එංගලන්ත කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර බෙන් ස්ටෝක්ස් එහි නායකත්වය දරනු ලබනවා..
ලෝඩ්ස් හි ආරම්භ වන තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන අතර මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වන තරගාවලියකි.
තරගාවලිය දෙරටින් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයන් දෙපලක් වන ජේම්ස් ඇන්ඩසන් හා සචින් තෙන්ඩුල්කාර් නමින් නම් කර තිබීම විශේශත්වයකි.