කාන්තා ක්‍රිකට් ශූරතාව නාවික හමුදාවට

පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ රැජිණන් වන්නට නාවික හමුදා කණ්ඩායමට හැකි විය ජාතික කණ්ඩායම නියෝජනය කරන මේ වන විට එහි විශ්වසණීයම පිතිකාරිණිය බවට පත් වෙමින් සිටින හර්ෂිතා සමරවික්‍රම මේ ජයග්‍රහණය පිටුපස නාවික හමුදාවට සුවිශාල ශක්තියක් විය.

හර්ෂිතා තරගාවලියේ වැඩිම ලකුණුලාභිණිය වූයේ තරග 9 දී ලකුණු 471 ක් රැස් කරමින්ය.මුළු තරගාවලියටම වාර්තා වූයේ ශතක 4 ක් වූ අතර එයින් දෙකකම හිමිකාරිණිය වූයේ ද හර්ෂිතාය.එසේම නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පළපුරුදුම පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වෙමින් තරග 9 දී ලකුණු 151 ක් ලබා දී කඩුලු 23 ක් ලබා ගැනීම ප්‍රතිවාදීන්ට නාවික හමුදාව අභිබවා යන්නට නොහැකි වූ සුවිශාල බාධකයක් විය.

නායිකාවක ලෙස හංසිමා කරුණාරත්න අවශ්‍යයම අවස්ථාවල මැද පෙළ බිඳ වැටෙන්නට නොදි පිතිකාරිනියක ලෙස ගත් වගකීම මෙන්ම අවසානයට ගුවන් හමුදාවට එරෙහිව වූ සටනේදී තරගය වෙනස් කිරීමට අවශ්‍යය සබඳතාවය බිදීමට පන්දු යවන්නියක ලෙස පැමිණ කළ දායකත්වයද නායකාවක ලෙස වගකීම්වලට උරදීමෙට ඇය තුළ තිබුණු ශක්‍යතාවය පැහැදිළි පැහැදිළි කිරීමක් විය.ඇය සතුව සිටි අත්දැකීම් සහිත හෂිනි පෙරේරා මෙන්ම උදේශිකා ප්‍රබෝධනී ද,සත්‍යා සංදීපනී වැනි ක්‍රීඩිකාවන් ද මැනවින් කළමණාකරණය කර ගැනීමට හංසිමාට හැකිවීම නාවික හමුදා ජයග්‍රහණයට පදනම විය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *