මෛත්‍රීය, කරුණාව, අවිහිංසාව මුල් කරගෙන ධර්මය දේශනා කළ රටකට අත්ව ඇති ඉරණම අවබෝධ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා අප්‍රමාදව කටයුතු කළ යුතු බවයි .
ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගල්නෑව මහජන ක්‍රීඩාංගනයේදී පැවති 74 වන උපසම්පදා මහෝත්සවයේදීයි.
දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත ලබා දී ඇති බවත් ජනපති වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදාව සිදු වුණා.
මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (30) සිට ජූලි 08 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ඊයේ සිදු වුණා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.