වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ, අධ්‍යාපනය, කෘෂිකාර්මික, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ පවතින නව අවස්ථා සොයා බැලේ.
ඒ සදහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමට ශ්‍රී ලංකාවේ කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ 88 වන වියට්නාම ජාතික දින සැමරුමට එක් වූ අවස්ථාවේදී.
විදේශ කටයුතු අමාත්‍යවරයා අගෝස්තු 19 වන දින කොළඹ වියට්නාම තානාපති කාර්යාලය විසින් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.
මෙම උත්සවය වියට්නාමයේ 80 වන ජාතික දිනය සහ ශ්‍රී ලංකා – වියට්නාම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සනිටුහන් කර තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා සිය අදහස් දැක්වීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් ද එක් කළ අතර දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාවය ද සිහිපත් කළා.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ප්‍රගතිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අමාත්‍යවරයා මෙහිදී නැවතත් තහවුරු කළා.