ආනයනික අල සහ ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනය කරනු ලබන අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ (26) දින සිට බලපැවැත්වෙන අතර, එය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් තහවුරු විය.

අලුතින් සංශෝධනය වූ බදු අනුව, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා වූ බද්ද රුපියල් 60 සිට රුපියල් 80 දක්වා වැඩි කර ඇති අතර, බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වූ බද්ද රුපියල් 10 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇත.

මෙම බදු වැඩි කිරීම ඉදිරි මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ අතර, පිටකොටුවේ ලූනු ආනයනකරුවන් ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දැනටමත් ආනයනය කර ඇති ලූණු ටොන් 1450ක් ඇති බවයි.

මේ නව බදු යටතේ රේගුවෙන් නිදහස් කර එම ලූණු තොගයේද මිල රුපියල් 40කින් පමණ ඉහළ යනු ඇත. ඒ අනුව, රජයට රුපියල් මිලියන ගණනක බදු ආදායමක් අහිමි වනු ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *