සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා, නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව, ඒ හරහා ඔවුන්ට දඬුවම් ලබාදීම කඩිනම් කරන බවයි අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.
ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස, නීතිය ඉදිරියේ මෙම ක්‍රියාදාමය සිදුවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.