සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වන අතර ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට අද දිනයේ දී නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දිනයේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.