මධුෂ් හෙළි කළ දේශපාලකයන් 80කගේ ලැයිස්තුව

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැති බව WAKE UP TO 7 වැඩසටහනේ දී අද අනාවරණය වුණා.

පැවැති ආණ්ඩු­වල සිටි මැති – ඇමැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු මෙන්ම ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු ගැන බොහෝ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් හෙළි­කර තිබුණා.

මාක­ඳුරේ මධූෂ්ට ඩුබා­යිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශ­යෙන් දේපොල ඇති බව ද පොලී­සිය එකල නිල වශ­යෙන් මාධ්‍ය හමුවේ සඳ­හන් කළ ද එම දේපොළ අත්පත් කර­ගැ­නී­මක් හෝ සොයා ගැනී­මක් ගැන පොලී­සිය පසුව හෙළි නොක­ළ අතර මධූෂ්ගේ ඝාත­න­යත් සමඟ එම දේපො­ළ­ව­ලට වූ දෙයක් සොයා ගන්න­ට­වත් නැති බවයි දිනමිණ පුවත්පත් වාර්තාවක් ඇසුරින් එහිදී අනාවරණය කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *