පැය 24 පුරා ක්‍රියාත්මක කොළඹ – කටුනායක බස් රථ සේවාවක් ආරම්භ කෙරේ.
ඊයේ ආරම්භ වූ මෙම බස් රථ සේවාව රජයේ මගපෙන්වීම යටතේ ගුවන්තොටුපොළ අධිකාරිය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක වේ.
මීට පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කළ බස් රථය නව වැඩපිලිවෙලත් සමග ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ඉදිරියේදි ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට කටයුතු කරන අතර බස් රථවල සේවක මහතුන් හට ජනතා හිතවාදි නිසි සේවයක් සැපයීමට නිසි පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි.
කටුනායක සිට කොළඹ බලා පැමිණෙන මඟීන් සඳහා අයකරනු ලබන්නේ රු.290ක් පමණ මුදලකි.