යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා,
ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.