ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ආරාධනා කර ඇති බව පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා channel 7 සමග සඳහන් කළා.
නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද(02) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවත්සරයත් සමගම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලද්දේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ දී යි.