පරිසර දිනයට සත්වෝද්‍යානයෙන් වැඩසටහන්.

පරිසර සතිය යෙදෙන මැයි මස 30 සිට ජුනි මස 5 දක්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

ජගත් පරිසර දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක වන බවයි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසුවේ.

ශ්‍රි ලංකාවට ආවේණික සත්ත්වයෙක් වන දිවියාව සංරක්ෂණය කිරීම මෙම සතිය තුළ සිදුකරන ප්‍රාධාන ම කර්තවයක් ලෙස සඳහන් වේ. එහිදි දිවියාව හෙවත් (ශ්‍රී ලංකාවේ කොටියා) කෘත්‍රිම ලෙස අභිජනනය කොට කොටි ගහණයක් බිහිකිරීම අරමුණු කර ඇත.

මැයි මස 30 වන දින ප්ලාස්ටික් කලමනාකරණයට සමගාමීව සත්වෝද්‍යාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.
ඊට අමතරව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය , පින්නවල සත්වෝද්‍යාන ය , රිදීගම සෆාරි උද්‍යාන වලදි පැල සිටුවිමෙ ව්‍යාපෘතියක් ජුනි 5 දින ක්‍රියාත්මක කෙරේ.
ඊට අමතරව මෙම සතිය තුල පාසල් ලමුන් දැනුවත් කිරීමෙ වැඩසටහන් සහ වෙරල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *