පද්මේගේ-බැකෝ සමන්ගේ කුඩු රට පුරා බෙදාහැරියේ සම්පත්(VIDEO)

අත්අඩංගුවට ගැනීමට සොයනඅඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගේ මත්කුඩු රට පුරා බෙදාහැර ඇති බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය සිය විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබෙන බව WAKE UP TO 7 වැඩසටහනේදී පුවත්පත් වාර්තා උපුටා දක්වමින් අද (12) අනාවරණය කළා.

මත්කුඩු තොගයක් එකවර ප්‍රවාහනය කරන සෑම අවස්ථාවකදීම සම්පත් මනම්පේරිට රුපියල් ලක්ෂ 06ත් 07ත් අතර මුදලක් ලබාදෙන බව ද බැකෝ සමන් විසින් ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇති බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් දිනමිණ පුවත්පතට සඳහන් කර තිබුණා.

හිටපු පොලිස් නිලධාරියෙක් වන සම්පත් මනම්පේරි සතුව පොලීසියේ නිල ඇඳුම් සහ පොලිස් සලකුණු සහිත බැනියම් තිබී හමුවූ බැවින් පොලීසිය සැක කරනු ලබන්නේ, ඔහු මත්කුඩු බෙදාහැරීමේදී එම ඇඳුම් ඇඳ පොලිස් වෙසින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *