ආහාර නාස්තිය හා ආහාර අනාරක්ෂිතතාව අවම කිරීම කාලීන අවශ්‍යතාවක්

ආහාර නාස්තිය හා ආහාර අනාරක්ෂිත බව අවම කිරීම ජාතික මට්ටමින් වැදගත් බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පවසා සිටියා.

ඇය මේ බව කියා සිටියේ පසුගියදා “අපද්‍රව්‍ය වලින් දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” පැවති ප්‍රතිපත්ති සංවාදයට එක්වෙමිනි.

එය පැවැත්වුණේ කොළඹ ICT රත්නදීප හෝටලේදි යි.ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිතා කිරීම මෙම සංවාදයේ අරමුණයි.

ආහාර නාස්තිය සහ ආහාර පිළිබඳ අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද එතුමිය පෙන්වා දුන්නා.

ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඒකාබද්දකරණය ,නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය යන අත්‍යවශ්‍ය සාධක වැදගත්වේ .

තාක්ෂණික විසඳුම් , කෘෂි වෙළඳපොළ වැඩමුළු සහ ආහාර පද්ධතියට කාන්තාවන්ගේ සහ තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් එය ළඟා කර ගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.


මෙම අවස්ථාවට දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි ඇතුළු සිවිල් සමාජ සංවිධානවල සහ පෞද්ගලික අංශයට සම්බන්ධ පිරිස් ද සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *