කමිල් මිශාරගේ පිත්ත බංග්ලාදේශය පරදා ආසියානු කුසලාන ඇරඹුම සුබ කළ හැටි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවති තරගයෙන් කඩුලු 06ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කර ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140ක ඉලක්කයක් හඹා ගොස් ජය ගත් අතර කමිල් මිශාර ලකුණු 46ක් ලබා ගත්තේ පන්දු 32කදීයි .

Comments (0)

Your email address will not be published. Required fields are marked *