ශ්‍රී ලංකාව වෙනුවෙන් අද මංගල ටෙස්ට් වරම් ලබා ගත් තරිඳු රත්නායක බංගලාදේශයේ මුල්පෙල කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුනා. ඒ මොමිනුල් හක් සහ ෂඩ්මන් ඉස්ලාම් ගේ කඩුලුයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී ආරම්භ වුනා.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට බංගලාදේශයේ මුල් කඩුලු 3 ලකුනු 90 ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබෙනවා.
මෙම තරගාවලිය 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟාවලියයි.
මෙම ටෙස්ට් තරගයේ විශේෂත්වය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය මෙය වීමයි.
තරගයට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකේ නායකයන් අතර මාධ්‍ය සාකච්ඡාව ඊයේ ගාල්ලේදී පැවැත් වුණා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස්ට ජයග්‍රාහී සමුදීමක් ලබා දෙන බවයි. මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මාද ඇන්ජලෝ මැතිව්ස්ට සුබ පතා ඇත.
38 හැවිරිදි මැතිව්ස් 2009 ජූලි මාසයේදී පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය මංගල තරගයට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු මේ වනවිට තරග 118 කට ක්‍රීඩා කර ඇත.
ඔහු සිය වසර 16ක ක්‍රීඩා දිවිය තුළ ලකුණු 8,167ක් ලබාගෙන ඇති අතර එහි සාමාන්‍යය 44.62ක් වන අතර ටෙස්ට් කඩුලු 33ක් දවාගෙන තිබෙනවා.
මංගල ටෙස්ට් වරම් ලබා ගත් තරිඳු බංගලාදේශයේ මුල්පෙල කඩුලු 2 ක් දවා ගනී.
