ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (9) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සයේඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8ට ආරම්භ වනවා.
පළමු තරගයට එක්වන්නේ ඇෆ්ගනිස්තානය හා හොංකොං කණ්ඩායමයි.
සිම්බාබ්වේ සමඟ නිමා වූ විස්සයි20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල හරාරේ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි20 තරගාවලියේදී හරාරේ නුවර සිටි විශේන් හැළඹගේ හා දුෂාන් හේමන්ත කොළඹට පැමිණෙන අතර, වනිඳු හසරංග හා ජනිත් ලියනගේ අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිතයි.
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, කමිල් මිෂාර, දසුන් ශානක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ.