සම්බා සහල් හිඟයක් පිළිබඳව වාර්තා වන නමුත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී

කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් පිළිබඳව වාර්තා වන නමුත් ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) සඳහන් කළා.

ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන් සිදුකරන ලෙසත් සහල් සම්බන්ධ වැටලීම් මේ වන විට 3,000ක් ඉක්මවා සිදුකර ඇති බවත් ඔහු කියා සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *