තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා කොළඹ දී පවත්වනු ලැබුවා.
මෙහිදී ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුණු අතර, එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී වුණා.
මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මාර්තා ටෙස්ෆේ වොල්ඩෙමිචෙල් මහත්මිය, IMF නේවාසික නියෝජිත, විසින් සිදු කළ අතර මෙම උත්සව අවස්ථාවට තුර්කියේ තානාපතිවරයා, ඉරානයේ තානාපතිවරයා, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක,වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනයේ සභාපති, තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් ද සහභාගී වුණා.