(WAKE UP T 7)
අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් නිසා වධ හිංසාවන්ට හා හිරිහැරයන්ට භාජනය කිරීම වැළැක්වීමේ නියෝගයක් විමර්ශන නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අද (16) දිනපතා පුවත්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති අතර දිනමිණ පුවත්පත වාර්තා කර ඇත්තේ ‘දන්නා සියලු දේ ප්‍රකාශ කිරීමට ඔහු සූදානම් බව’ ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට ඊයේ (15) දැනුම් දුන් බවයි.
විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ඔහු සූදානම් බව ද එහි දී වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවවා තිබෙනවා.
.
සිය සේවා දායකයාගේ සහෝදරයා වන පියල් මනම්පේරි මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බව ද අත්අඩංගුවේදී ඔහු දැඩි වධ හිංසනයන්ට ලක් වී තිබෙන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නා.
අත්අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශන නිලධාරීන් විසින් වධ හිංසාවන්ට භාජනය විය හැකි බවට ඔහු බියෙන් පසුවන බව ද නීතිඥවරයා කියා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අතර ඒ පිළිබඳ තමන් යටතේ සිටින විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කෙරුණා.
(WAKE UP TO 7 – දිනමිණ )