විපක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත් කළ 34ක්ම අපරාධකාරයෝ

ඇතැම් සංවිධානාත්මක අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් 34 දෙනෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (09) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

ඒ අනුව 2025 පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් 09ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් 08ක්ද, පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයින් 07ක්ද, සර්වජන බලයේ අපේක්ෂකයින් 04ක්ද, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් 03 ක්ද, ස්වාධීක කණ්ඩායම් 03ක්ද ලෙස අපේක්ෂකයින් 34 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා එහිදී අපේක්ෂකයින් 34දෙනෙකුගේ නම් ලැයිස්තුවක්ද ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *