ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයක් ලබාගැනීමට සමත් වුණා.
හොංකොං කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 149ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබාගැනීමට සමත්වුණා.
මේ සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවුණා.