තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්

තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවයක වැදගත්කම හඳුනා ගනිමින් චීනය සහ ඇමරිකාව මැයි 14 වන දිනට පෙර පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇතැයි එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් ප්‍රකාශ කෙරේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 8වැනි දා පළ කළ අංක 14259 සහ 9 වැනිදා පළ කළ අංක 14266 දරණ විධායක නියෝගවල චීන භාණ්ඩ සඳහා 91% ක තීරුබදු ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත. පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවීමට ද ඇමරිකාව එකඟත්වය පළ කර තිබේ.

ඒ සමග ම, ඇමරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු පියවරට එරෙහිව ඇමරිකා භාණ්ඩ සඳහා පනවා ඇති 91% ක තීරුබදු චීනය අවලංගු කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ඇමරිකාවේ භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදුවලින් 24%ක් දින 90කට චීනය ද අත්හිටුවීමට පියවර ගනු ඇතැයි වාර්තා වේ. ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටුවා හෝ අවලංගු කරනු ඇත.

ඉහත ක්‍රියාමාර්ගවලින් පසුව ද දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට නියමිත බව චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *