ඇමරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධූරයට ලාංකිකයෙක්

ශ්‍රි ලංකා හිටපු  ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක  ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන  පිරිමි පුහුණුකරු  ලෙස පත් කර තිබේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය. බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

 පුබුදු ඇමරිකා එක්සත් ජනපදයේ මෙම තනතුර දැරූ දෙවන අවස්තාව මෙයයි. 54 හැවිදිරි පුබුදු දසනායක 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් මීට පෙර එම තනතුර හොබවා ඇත.

ඔහු ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 11ක් සහ එක්දින තරඟ 16ක් ක්‍රිඩා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *