ඊශ්‍රායලය හිතාමතාම ගාසා තීරය තුළ ආධාර බෙදාහැරීම් අවහිර කරන බව UN Aids ප්‍රධානී එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පවසනවා.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමෙන් පසු දරුණු යුධ ගැටුම් ඇවිලි ගොස් දැනට මාස 19 ක් ගත වී තිබෙනවා.
ඊශ්‍රායලය තවදුරටත් ගාසා තීරයේ තම හමුදා මෙහෙයුම පුළුල් කිරීමට සූදානම් වන බවයි පැවසෙන්නේ.
ඊශ්‍රායලය විසින් ඛාන් යුනිස් හි ගාසා තීරයේ යුරෝපීය රෝහලකට පහර දෙන මොහොත දැක්වෙන දර්ශන පෙළක් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම ප්‍රහාරයෙන් 28 දෙනෙකු මියගිය බව වාර්තා වේ.
(Source – the Guardian)