16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය අද සවස 4.00 ට

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය අද සවස 4.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතිබව ජාතික රණවිරු අධිකාරිය පවසයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි.මිට අමතරව එම අවස්ථාවට ත්‍රස්තවාදය පරාජය කිරම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.ඔවුන්ගේ මුලිකත්වයෙන් හා මියගිය හමුදා පවුවල සාමාජිකයන්ගේ සහබාගිත්වයෙන් යුද්ධයේදී ජිවිත පරිත්‍යාග කල සෙබළුන් වෙත පුෂ්පෝපහාර දක්වනු ඇත.

මෙම ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
30 වසරක් පුරා පැවති මෙම සිවිල් යුද්ධයේදී ත්‍රිවිධ හමුදා ,පොලිස්, සිවිල් ආරක්ෂක නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන් ,විවිධ දේශපාලන නායකයන් ,ත්‍රස්තවාදී සාමාජිකයන් මෙන්ම උතුරේත් දකුණේත් දහස් ගණනක් සිවිල් වැසියන් ජිව්තක්ෂයට පත්වුහ. දහස් ගණනක් ආබාදිත තත්වයට පත්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *