ජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.
කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඊයේ (25) ලබාගෙන ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෑහීමකට පත්විය හැකි ප්‍රමාණාත්මක සුවයක් නොමැති බවට එහි අන්තර්ගත බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළා.