මෙරට ප්‍රථම මී මැසි උයන විවෘත කෙරේ

මෙරට ප්‍රථම මී මැසි උයන විවෘත කෙරේ

ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාරගේ සහ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ ලේකම් නිලනොලත් මහෙස්ත්‍රාත්, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චිගේ සහභාගිත්වයෙන් පසුගියදා බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා විද්‍යාත්මකව මී මැසි පාලනය දියුණු කිරීම අවශ්‍ය වී ඇත. දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීම මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා ජනතාවට විද්‍යාත්මකව මී පැණි පාලනය පිළිබඳව ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම අවශ්‍ය වේ.

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දීමට නියමිතය. ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වේ. තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදුවන අතර ඒ සඳහා අත්‍යාවශ්‍ය බොහෝ ගෝචර ශාකයන් මෙම උද්‍යානය තුල පිහිටා ඇත. එම රමණීය භූමිභාගය අනාගතයේදී දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු ඇතැයි නීතිඥ ලක්මල් වික්‍රමාරච්චි සඳහන් කළේය.
ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී. මෙලෙස ආරම්භ කරන වැඩසටහන අනාගතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපූරු දායාදයක් වනු ඇත. මෙම මී මැසි උද්‍යානය සංවර්ධනය කර අවසන් කළ පසු දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනයක් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *