මාලිනිය ජීවන රඟමඩළින් සමුගනී .

ශ්‍රී ලාංකික සිනමා රසිකයන් අතර “සිංහල සිනමාවේ රැජින” ලෙස ජනාදරයටපත් ‘රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (මැයි 24) උදෑසන සිය ජිවන රඟමඩළින් සමුගත්තාය . කලක් අසනීප තත්වයෙන් පසුවූ ඇය මියයන විට 78 වන වියේ පසුවිය .

සිනමාව , රූපවාහිනිය සහ රංග ශාලා අතර දශක ගණනාවක් පුරා විහිදුණු අගේ විශිෂ්ඨ දායකත්වය සනිටුහන්වන්නේ ඇය දේශීය මෙන්ම අන්තර්ජාතිකමය වශයෙන් ලැබූ සම්මානයන් හා කිර්තිය සමගිනි. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *