ෂෙයික් හසීනාගේ ඥාතීන්ට අයත් පවුම් මිලියන 90 ක් ලන්ඩනයේදී අත්හිටුවයි

හිටපු බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ඥාතීන්ට අයත් ලන්ඩනයේ තිබු පවුම් මිලියන 90 කට ආසන්න සුඛෝපභෝගී දේපළ එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය විසින් අත්හිටුවා තිබේ . බලයෙන් පහ කරන ලද ෂෙයික් හසීනාගේ පාලන තන්ත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන සල්මන් එෆ් රහ්මානට මෙම දේපල අයත්වේ. 2024 දී බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයෙන් පසුව සිදුකෙරුණු පුළුල් පරික්ෂණ වල ප්‍රතිපලයක් ලෙස මෙම මුදල් පරිහරණය අත්සිටවිමට කටයුතු කර තිබේ . එක්සත් රාජධානියේ හිටපු නගර සභා අමාත්‍ය සහ හසීනාගේ ලේලිය වන ටියුලිප් සිද්දික් ද මෙසම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ රජය වරෙන්තුවක් ද නිකුත් කර ඇති අතර, ඇය තමාට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *