වසර තුල සංචාරක පැමිණීම මිලියනය ඉක්මවයි.

මෙම වසර තුල විදේශීය සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.  2025 ජනවාරි සිට මැයි 25 දක්වා සංචාරකයින් 1,006,097 ක් මෙරටට පැමිණ තිබේ.

මෙය පසුගිය වසරවලට සාපේක්ෂව වසරක් තුල අඩුම කාලයකින් සංචාරකයින් මිලියනයක සීමාව පසුකල වාර්තාව බවට පත්වේ.

රජය විසින් වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ශණය කර ගැනීමට මෙම වසර තුල විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන ව සංචාරක අමාත්‍යංශය පවසනවා.  මේ වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 03ක් ආකාර්ෂණය කරගැනීම රජයේ ඉලක්කය වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර සංචාරක පුනරුද වසර ලෙස නම් කර සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ධාරිතා වර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.

සංචාරකයින් මිලියනක ඉලක්කය සපිරීම වේගවත් කිරීම සදහා සංචාරකයින්ට සේවා සහ පහසුකම් සැපයීමට පෞද්ගලික අංශය ඇතුළු විවිධ පුද්ගලයන් දක්වන අනගි දායකත්වය සංචාරක පුනරුදයට රුකුලක් වී තිබෙන බව  අමාත්‍යං‍ශය වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *