යෝගාසන ක්‍රීඩා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 06 වන ආසියානූ යෝගාසන ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චන්දන බණ්ඩාර සහ චලිත බාලසූරිය ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන තිබෙනවා.
එම තරගාවලියේ හොදම යෝග ගුරු විශිෂ්ඨතා සම්මානය අර්ජුන වික්‍රමාරච්චි හිමි කර ගෙන තිබුණු අතර ඔවුන් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියා.
ආසියානූ යෝගාසන ක්‍රීඩා සම්මේලනය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 16 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුනා.
ඒ අගෝස්තු 09 සහ 10 දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුජයිරා නුවර දී.
මෙම තරගාවලිය මැදපෙරදිග කළාපයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙවැනි යෝගාසන තරගාවලියකින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට හැකි වීම ද පළමු වරට සිදු වූ බවයි ශ්‍රී ලංකා යෝගාසන කණ්ඩායමේ කළමනාකරු අර්ජුන වික්‍රමාරච්චි කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවේ.