තෙදින නිල සංචාරයකට පෝලන්ත විදේශ කටයුතු ඇමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමැති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද දින (28) මෙරටට පැමිණීයේය.

 විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා  විසින් එතුමාව පිළිගනු ලැබීය.  

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමැති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, එළඹෙන 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *