ප්‍රවේශ පත් නොමැතිව ගමන් කළ දුම්රිය මගින් 138 කට ලක්ෂ 4 ඉක්මවා දඩ

දුම්රිය ස්ථාන පහක සිදු කළ විශේෂ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රිය ප්‍රවේශ පත් නොමැතිව ගමන් කල  මගීන් 138 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමගින්  රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් රජයට ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.

පසුගිය 27 වනදින දුම්රිය ස්ථාන පහක පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා වු කාලය තුළ මෙම ප්‍රවේශ පත්  පරික්ෂාව සිදුකර තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන්ද සිටි අතර බොහෝ දෙනෙකු කාර්යාල වෙත ගමන් ගන්නා මගීන් බවයි සහකාර අධිකාරී එන්.පී ජයන්ත මහතා පැවසුවේ.

මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා දෙමටගොඩ යන දුම්රිය ස්ථානවලදීයී.

මෙහිදී අත්අඩංගුවට ගත් මගීන්ගෙන් ඒ මොහොතේම රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් ලබාගත් බව ඔහු පවසා සිටියා.

මේ ආකාරයෙන් ඉදිරියටත්  ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බව ත් ප්‍රවේශ පත් නොගෙන ගමන් කරන කිසිදු පුද්ගලයකුට සමාවක් නොදෙන බවත් දඩ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු  තවදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *