නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිලධාරී මණ්ඩලයක්

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධානයක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය   (FMM) 2025 සදහා නව නිලධාරි මණ්ඩලයක්පත්කරගනිම පසුගිය දා සිදුකෙරින . කොළඹ පහ බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) පවති එහි වාර්ශික මහා සභාවේදි (27)මෙම පතිවිම් එකමතිකව සිදුවිය .

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කැඳවුම්කරු ලෙසත් ,මාධ්‍යවේදී දිලීෂා අබේසුන්දර ලේකම් ලෙසත් , භාණ්ඩාගාරික ලෙස මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර මහතාටත්   මාධ්‍යවේදී  ආර්.රාම්කුමාර් මහතා උපලේකම්  එකමතිකව පත් කර ගන්නා ලදී.ඉදිරි වර්ෂයේ සඳහා තෝරා පත් කරගන්නා ලද විධායක කමිටු සාමාජිකයන් වන්නේ, හනා ඊබ්‍රාහීම්, සී දොඩාවත්ත, ටී.එම්ජී චන්ද්‍රසේකර ශාන් විජේතුංග සුජීව සෙනරත් ,සුනිල් ජයසේකර  , උදය කළුපතිරණ, ජාවිඩ් මුනවර්, නිරංජනී  රෝලන්ඩ් යන මහත්ම මහත්මීන්ය.සිවිල් ක්‍රියාකාරිනී ශාර්මිනී බොයිල් සහ මාධ්‍යවේදී සරෝජ් පතිරණ යන මහත්ම මහත්මීහු භාරකරුවන් ලෙස තේරී පත්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *